Thursday, February 23, 2012

සමාජ ජාල වලින් ආණ්ඩු පෙරලීම


සමාජ ජාල වලින් රජයක් පෙරලිය හැකිද? සරලම පිළිතුර නම් ඔව් යන්නයි. ඒ සරලම පිළිතුරට උදාහරණය වර්තමාන ලිබියාව හා  සිරියාවයි. ඇමරිකන් විරෝදී බොහෝ රටවල් සමාජ ජාල තහනමට ලක් කර ඇත්තේද මෙම හේතුව නිසාය. චීනය, ඉරානය, වියට්නාමය, සිරියාව ආදී රටවල් ෆේස්බුක් තහනමට ලක් කිරීම මීට නිදසුන්ය. එහෙත් සිරියාව  සමාජ ජාල තහනමට ලක් කරන විටත් ප්‍රමාද වැඩිය. ඒ වනවිටත් සිරියාවේ තරුණ පිරිස් වල හිත් තුලට විප්ලවකාරී අදහස් ඇතුළු කිරීමට සුක්ෂම ඇමරිකන් සයිබර් කණ්ඩායම් සමත් වී තිබේ. ජාත්‍යන්තරය තුල මෙවන් වටපිටාවක් තිබෙන පසුබිමක ලංකාවේ තත්ත්වය ගැනද මදක් විමසා බලමු.

පසුගියදා ඇමරිකන් තානාපති කාර්යාලයේ අමුතු නාඩගමක් සිද්දවී ඇත. පැට්‍රීෂියා බුටෙන්ස් මහත්මියගේ කතාව මෙසේය. "අපි ලංකාවේ තරුණ පිරිස් වලට අපේ වෙබ් අඩවිය විවර්ත තැනක කරනවා. ලංකාවේ ඕනෑම කෙනෙක්ට අපේ වෙබ් අඩවියට ඇවිත් තොරතුරු දෙන්න පුළුවන්" මෙහිදී වඩාත් හාස්‍යජනක කරුණ වන්නේ ලංකාවේ පුද්ගලයෙක් මෙම වෙබ් අඩවියට යන්නේ තමන්ගේ ජීව දත්ත බෙදාගැනීමටවත්,

Friday, February 17, 2012

සජිත් මාධය මගින් ඔසවා තැබූ දේශපාලනඥයෙක්

එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතැම් මාධ්‍ය මගින් ඔසවා තැබූ  දේශපාලනඥයෙකු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම්.ඩී.ඒ. ද සොයිසා මහතා පවසයි
.
එජාපයේ නායකත්වයට අභියෝග කරන ඔහු රනිල් වික්‍රමසිංහ මහතාට වඩා ගවු ගණනාවක් පිටුපසින් සිටින බවත් ඒ මහතා කියා සිටී
.
පක්ෂයක නායකයකු තේරීමට ජනමාධ්‍යයට කිසිදු අයිතියක් නැතැයි පවසන මහාචාර්යවරයා මධ්‍යස්ථව සිට සත්‍ය තොරතුරු සන්නිවේදනය කිරීමත්, ශ්‍රාවක මතයන් රාජ්‍ය කරා නැවත ගෙන යාමත් වගකීම බව පැවසීය. පක්ෂවල ව්‍යවස්ථා හෝ නීති රීතිවලට මැදිහත්වීම නොගැලපෙන මාධ්‍ය මෙහෙයවීමක් යැයිද ඔහු පවසයි.

ආර්ථික සංහාරය

මෙයට දෙතුන් මසකට පෙර සෙනසුරු මාරුවක්‌ සිදු වී යෑයි පුවත්පත්වල පළ වුවද, අපට ලබා ඇති ආර්ථික සෙනසුරා තවමත් මාරු වී නැත. ආණ්‌ඩුව තුළට රිංගාගෙන සිටින කිසියම් ආර්ථික ඝාතකයෙක්‌ හෝ ඝාතකයන් සමූහයක්‌ ආණ්‌ඩුව කෙරෙහි අප්‍රසාදයක්‌ ජනතාව තුළ ඇති කිරීමේ කොන්ත්‍රාත්තුවක්‌ භාරගෙන ක්‍රමානුකූලව සහ කෲර ලෙස ජීවන වියදම නැංවීමේ ව්‍යාපාරයක්‌ අරඹා තිබෙන බව පැහැදිලි ය. 

උපුටා ගැනීම දිවයින කතුවැකියෙන්

Sunday, February 12, 2012

worlds no. 1 spell and grammer checker



මේ තියෙන්නේ ලෝකයේ වැඩිම දෙනෙක් භාවිතා කරන අක්ෂර/ව්‍යාකරණ දෝෂ නිවැරදි කරන මෘදුකාංගයයි. ඉංග්‍රීසි ස්වදේශිකයෙක් වගේ පාවිච්චි කරන්න (native English :D) කැමති අය ඉන්නවනම් පහත ලින්ක් එකෙන් බාගන්න...
.




 


Monday, February 6, 2012

zygotebody browser.....

බොහෝ දෙනෙක්ට අධ්යාපනික වසයෙන්  වැදගත් කමක් ඇති වෙබ් අඩවියක් ගැන දැනුවත් කරන්නයි යන්නේ බොහෝ විට ජීව විද්‍යා විෂය ධාරාව හදාරන අයට  මේ වෙබ් අඩවිය බොහෝ රසවත් තැනක් වන එක නම් නොඅනුමානයි ..මේකෙන් කරන්නේ මිනිස් සිරුර ත්‍රිමාන රුප රාමු මගින් ඒ

Basic English මුලික ඉංග්‍රීසි

ඔන්න අපේ සිංහල සයිට් එකකින්ම හොයාගත්ත මුලික ඉංග්‍රීසි පාඩම් කීපයකට අදාළ සරල ඉගෙනුම් කට්ටලයක් ගැනයි මේ කියන්න යන්නේ .මේ ගැන විස්තරයක් කරන්න නම් බලාපොරොත්තු වෙන්නේ නෑ ඕන කෙනෙක් ඉන්නවනම් බාගන්න 





Sunday, February 5, 2012

Learn English Digitally

අද ලෝකේ වැඩි දෙනෙක් භාවිතා කරන ජාත්‍යන්තර භාෂාව වෙලා තියෙන්නේ ඉංග්‍රීසි.එක ඉතින් හැමෝම දන්නා දෙයක්නේ.අද ලංකාවේ හුගක් අයට තියන ප්‍රශ්නයක් තම ඉංග්‍රීසි නොදන්නා කම.කොටින්ම කියනවනම් අද ලංකාවේ සමහර දේශපලකයෝවත් ඉංග්‍රීසි දන්නේ නැහැ.අනාගතයේදී කාර්යාල කාර්ය සහයක රැකියාවට පවා අපිට ඉංග්‍රීසි නැතුවම බැරි වෙනවා.ඒ වගේම තමා පරිගණක දැනුම අද බොහෝ දෙනෙක්ට පරිගණක දැනුම තිබුනත් හුගක් අයට යන්තම් පරිගණකය හා අන්තර්ජාලය තේරුම් ගන්න විතරක් යන්තම් ඉංග්‍රීසි පුළුවන්. ඉතින් මේ වගේ අයට අන්තර්ජාලය හා පරිගණකය බාවිතා කරන ගමන්ම තමන්ගේ ඉංග්‍රීසි දැනුමත් වැඩිදියුණු කරගන්න පුළුවන් ක්‍රම කීපයක් තමා මේ ලිපියෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ ඉතාම සරල ක්‍රම කීපයක් තමා තියෙන්නේ


මේ කියන්න යන්නේ පරිගණකය හා අන්තර්ජාලය භාවිතා කරමින් ඉංග්‍රීසි ඉගනගන්න යන ඕනෑම කෙනෙක්ට ඕන වෙන මෘදුකාංග කීපයක් ගැනයි

1.MADURA DICTIONARY
මේක නම් ඉතින් නොදන්නා කෙනෙක් නැතුව ඇති.මදුර ඩික්ශනේරිය කියන්නේ ලංකාවේ නිල ඩිජිටල් ඩික් 1 කියල හැමෝම දන්නවනේ මේ මෘදුකාංගය භාවිතා කරලා අපිට පුළුවන් දහස් ගණනක සිංහල වචන වල ඉංග්‍රීසි තේරුමත් ,ඉංග්‍රීසි වචන වල සිංහල තේරුමත් ලේසියෙන්ම හොයාගන්න..මේ සොෆ්ට්වෙයා එක දැනටමත් ඔයාල ගාව නැත්තම් පහල තියන ලින්ක් ඒකෙන බාගත කරගන්න


Thursday, February 2, 2012

නිදහස් ලංකාවක්

නිදහස් ශ්‍රී ලංකාවේ උරුමක්කාරයින් ලෙස සියලු ශ්‍රී ලාංකිකයනට නිදහස නිදහසේ සැමරිය හැකි වාතාවරණයක් දැන් උදාවී ඇත.දශක තුනක බිහිසුණු යුද්ධය නිමාවී ඇත..සාමය උදාවී තිබේ,සංවර්ධනය කොළඹින් පිටතට විකේන්ද්‍රණය වෙමින් පවතී.මෙයට කදිම උදාහරණය නම් නිදහස් උළෙලට සමගාමීව පැවැත්වෙන දැයට කිරුළ ප්‍රදර්ශණය කොළඹින් පිටත පැවැත්වීමයි.එමෙන්ම කිසිදු බාධාවකින් තොරව ජාතික නිදහස් දින උත්සවයද මෙවර අනුරාධපුරයේදී පැවැත්වෙයි.මෙවර නිදහස් දිනයද අර්ථවත් කරගමු!!

The main online infomation source about srilankan government

the http://www.gic.gov.lk is the site that have all the details about srilankan government

the site refers to GOVERNMENT INFORMATION CENTER

enter gic from here