Saturday, March 3, 2012

ඉසෙඩ් අගය ගණනය කරන්නේ මෙහෙමයි

අමු ලකුණු සැසඳීම සඳහා විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව යොදා ගැනීමට තීරණය කොට ඇත්තේ සිසුන් එක් එක් විෂයය සඳහා ලබා ගන්නා අමු ‘z’ ලකුණු බවට පරිවර්තනය කිරීම ය. ඒ ක‍්‍රමයේ ශාස්තී‍්‍රය පදනම අවබෝධ කර ගැනීමට නම් සංඛ්‍යාන විද්‍යාවේ මූූලධර්ම ද තරමක් දුරට අවබෝධ කරගත යුතුය. “z” ලකුණ යනු මධ්‍යයනය ශුන්‍ය වන සහ සම්මත අපගමනය 01 ට සමාන වන සම්මත ලකුණකි. අමු ලකුණු “z” ලකුණු බවට පෙරැළීම සඳහා සංඛ්‍යාන විද්‍යාව මඟින් පහත දැක්වෙන සමීකරණය යොදා ගනු ලැබේ. z ලකුණ =සිසුවා විෂයයකට ලබාගත් අමු ලකුණු  - විෂය ලකුණු ව්‍යාප්තියේ මධ්‍යන්‍යය කිසියම් විෂයයක් සඳහා ශිෂ්‍යයකු ලබා ගන්නා අමු ලකුණෙන් එම විෂයේ ලකුණු ව්‍යාප්තියේ මධ්‍යයනය අඩු කර ලැබෙන අගය එම ලකුණු ව්‍යාප්තියේ සම්මත අපගමනයෙන් බෙදූ විට “z” ලකුණ ලැබේ.අමු ලකුණුවල එකතුව භාවිත කිරීම ශී‍්‍ර ලංකාවේ වසර ගණනාවක් තිස්සේ භාවිත වුවත් අධ්‍යාපනය දියුණු රටවල විශ්ව විද්‍යාලවලට සිසුන් තෝරා ගැනීමේ දී එම ක‍්‍රමය බහුලව යොදා ගන්නේ නැත. එක් එක් විෂයයේ අමු ලකුණුවල එකතුව අනුව විශ්ව විද්‍යාලවලට සිසුන් තේරීමේ දී සමහර විෂයයන් හදාරණ සිසුන්ට අනිසි වාසි ලැබෙන බව නොයෙක් පර්යේෂණාත්මක අධ්‍යයනවලින් තහවුරු වී ඇත. එසේ වීමට හේතුව
සියලු ප‍්‍රශ්න පත‍්‍රවල දුෂ්කරතා මට්ටම එකිනෙකට සමාන නො වීමයි.සමහර විෂයයන්ගේ ස්වභාවය අනුව ප‍්‍රශ්න පත‍්‍ර පහසු වන අතර, තවත් සමහර විෂයයන්ගේ ස්වභාවය අනුව ප‍්‍රශ්න පත‍්‍ර අපහසු වේ. නිදසුනක් සලකතොත් විශ්ව විද්‍යාලයයේ ජීව විද්‍යා පාඨමාලාව හැදෑරීම සඳහා රසායන විද්‍යාව, ජීව විද්‍යාව සහ භෞතික විද්‍යාව යන විෂයන් තුන උසස් පෙළ පන්තියේ දී හදාරණ සිසුන්ට මෙන් ම රසායන විද්‍යාව, ජීව විද්‍යාව සහ කෘෂි විද්‍යාව හදාරණ සිසුන්ට ද අවස්ථාව තිබේ. මෙහි දී බොහෝ විට පෙනී ගොස් ඇත්තේ භෞතික විද්‍යා විෂයයට වඩා කෘෂි විද්‍යා විෂයයට ඉහළ ලකුණු ලබා ගැනීමට බොහෝ සිසුන් සමත් වී ඇති බව ය. එසේ ම ආගම් සහ සමහර විදේශ භාෂා ප‍්‍රශ්න පත‍්‍රවලට ඉතා ඉහළ ලකුණු ලබා ගැනීමට සිසුන් සමත් ව ඇති බව පෙනේ. අ.පො.ස උසස් පෙළ විභාගයේ මෙවැනි ප‍්‍රායෝගික තත්ත්වයන් යටතේ සමහර විෂයයන් හදාරන්නන්ට අනිසි වාසියක් ලැබේ. මෙය අධ්‍යාපනික වශයෙන් අහිතකර හා අසාධාරණය යන පදනම මත වඩාත් සාධාරණ වූ ක‍්‍රමයක් ලෙස “z” ලකුණු ක‍්‍රමය හඳුන්වා දී ඇත.

No comments:

Post a Comment