Sunday, April 15, 2012

Sri Lanka in steep fuel price hike

Sri Lanka in steep fuel price hike, corrects diesel mis-pricing
Feb 11, 2012 (LBO) - Sri Lanka has steeply raised the price of diesel partially correcting chronic mis-pricing between refined fuels in a move that could also help reduce loans taken by petroleum distributors and stabilize a weakening exchange rate.
State-run Ceylon Petroleum Corporation said a litre of 90-octane petrol would be raised by 12 rupees to 149 rupees and standard auto diesel would be raised by 31 rupees to 115 rupees partially correcting fuel mis-pricing. Lanka Indian Oil Corporation said it would follow state mandated pricing.
Kerosene would be raised by 35 rupees to 106 rupees from mid-night Saturday. Premium 95-octane petrol would go up to 167 rupees a litre.

Tuesday, March 6, 2012

මහේල ජයවර්දන ඇදපු ගේම 10%න් ශේප්


මහේලට 10% ක දඩයක්
2012 මාර්තු මස 06 19:21:12 | මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි


ශ්‍රීලංකා ක‍්‍රිකට් පිලේ නායක මහේල ජයවර්ධන,  ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව අද (06) පැවැති තරගයේ පන්දු රකිමින් සිටියදී විනිසුරුවන් සමග වාදයක් ඇති කර ගැනීම නිසා ඔහුට තරග මුදලින් 10% ක දඩයක් පැනවීමට තරග තීරක ක‍්‍රිස් බ්‍රෝඞ් මහතා තීරණය කර තිබේ.

ඇමෙරිකාවේ ඉන්දියානා, කෙන්ටාකි හා ඔහියෝ  පළාත් හි ඇති වූ දරුණු සුළි කුණාටුවෙන් 39 දෙනෙක් මරුමුවට පත්වූහ. මෙම ඡයාරුපයෙන් දැක්වෙන්නේ එම සුළි කුණාටුවයි

Saturday, March 3, 2012

ඉසෙඩ් අගය ගණනය කරන්නේ මෙහෙමයි

අමු ලකුණු සැසඳීම සඳහා විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව යොදා ගැනීමට තීරණය කොට ඇත්තේ සිසුන් එක් එක් විෂයය සඳහා ලබා ගන්නා අමු ‘z’ ලකුණු බවට පරිවර්තනය කිරීම ය. ඒ ක‍්‍රමයේ ශාස්තී‍්‍රය පදනම අවබෝධ කර ගැනීමට නම් සංඛ්‍යාන විද්‍යාවේ මූූලධර්ම ද තරමක් දුරට අවබෝධ කරගත යුතුය. “z” ලකුණ යනු මධ්‍යයනය ශුන්‍ය වන සහ සම්මත අපගමනය 01 ට සමාන වන සම්මත ලකුණකි. අමු ලකුණු “z” ලකුණු බවට පෙරැළීම සඳහා සංඛ්‍යාන විද්‍යාව මඟින් පහත දැක්වෙන සමීකරණය යොදා ගනු ලැබේ. z ලකුණ =සිසුවා විෂයයකට ලබාගත් අමු ලකුණු  - විෂය ලකුණු ව්‍යාප්තියේ මධ්‍යන්‍යය කිසියම් විෂයයක් සඳහා ශිෂ්‍යයකු ලබා ගන්නා අමු ලකුණෙන් එම විෂයේ ලකුණු ව්‍යාප්තියේ මධ්‍යයනය අඩු කර ලැබෙන අගය එම ලකුණු ව්‍යාප්තියේ සම්මත අපගමනයෙන් බෙදූ විට “z” ලකුණ ලැබේ.අමු ලකුණුවල එකතුව භාවිත කිරීම ශී‍්‍ර ලංකාවේ වසර ගණනාවක් තිස්සේ භාවිත වුවත් අධ්‍යාපනය දියුණු රටවල විශ්ව විද්‍යාලවලට සිසුන් තෝරා ගැනීමේ දී එම ක‍්‍රමය බහුලව යොදා ගන්නේ නැත. එක් එක් විෂයයේ අමු ලකුණුවල එකතුව අනුව විශ්ව විද්‍යාලවලට සිසුන් තේරීමේ දී සමහර විෂයයන් හදාරණ සිසුන්ට අනිසි වාසි ලැබෙන බව නොයෙක් පර්යේෂණාත්මක අධ්‍යයනවලින් තහවුරු වී ඇත. එසේ වීමට හේතුව

Thursday, February 23, 2012

සමාජ ජාල වලින් ආණ්ඩු පෙරලීම


සමාජ ජාල වලින් රජයක් පෙරලිය හැකිද? සරලම පිළිතුර නම් ඔව් යන්නයි. ඒ සරලම පිළිතුරට උදාහරණය වර්තමාන ලිබියාව හා  සිරියාවයි. ඇමරිකන් විරෝදී බොහෝ රටවල් සමාජ ජාල තහනමට ලක් කර ඇත්තේද මෙම හේතුව නිසාය. චීනය, ඉරානය, වියට්නාමය, සිරියාව ආදී රටවල් ෆේස්බුක් තහනමට ලක් කිරීම මීට නිදසුන්ය. එහෙත් සිරියාව  සමාජ ජාල තහනමට ලක් කරන විටත් ප්‍රමාද වැඩිය. ඒ වනවිටත් සිරියාවේ තරුණ පිරිස් වල හිත් තුලට විප්ලවකාරී අදහස් ඇතුළු කිරීමට සුක්ෂම ඇමරිකන් සයිබර් කණ්ඩායම් සමත් වී තිබේ. ජාත්‍යන්තරය තුල මෙවන් වටපිටාවක් තිබෙන පසුබිමක ලංකාවේ තත්ත්වය ගැනද මදක් විමසා බලමු.

පසුගියදා ඇමරිකන් තානාපති කාර්යාලයේ අමුතු නාඩගමක් සිද්දවී ඇත. පැට්‍රීෂියා බුටෙන්ස් මහත්මියගේ කතාව මෙසේය. "අපි ලංකාවේ තරුණ පිරිස් වලට අපේ වෙබ් අඩවිය විවර්ත තැනක කරනවා. ලංකාවේ ඕනෑම කෙනෙක්ට අපේ වෙබ් අඩවියට ඇවිත් තොරතුරු දෙන්න පුළුවන්" මෙහිදී වඩාත් හාස්‍යජනක කරුණ වන්නේ ලංකාවේ පුද්ගලයෙක් මෙම වෙබ් අඩවියට යන්නේ තමන්ගේ ජීව දත්ත බෙදාගැනීමටවත්,

Friday, February 17, 2012

සජිත් මාධය මගින් ඔසවා තැබූ දේශපාලනඥයෙක්

එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතැම් මාධ්‍ය මගින් ඔසවා තැබූ  දේශපාලනඥයෙකු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම්.ඩී.ඒ. ද සොයිසා මහතා පවසයි
.
එජාපයේ නායකත්වයට අභියෝග කරන ඔහු රනිල් වික්‍රමසිංහ මහතාට වඩා ගවු ගණනාවක් පිටුපසින් සිටින බවත් ඒ මහතා කියා සිටී
.
පක්ෂයක නායකයකු තේරීමට ජනමාධ්‍යයට කිසිදු අයිතියක් නැතැයි පවසන මහාචාර්යවරයා මධ්‍යස්ථව සිට සත්‍ය තොරතුරු සන්නිවේදනය කිරීමත්, ශ්‍රාවක මතයන් රාජ්‍ය කරා නැවත ගෙන යාමත් වගකීම බව පැවසීය. පක්ෂවල ව්‍යවස්ථා හෝ නීති රීතිවලට මැදිහත්වීම නොගැලපෙන මාධ්‍ය මෙහෙයවීමක් යැයිද ඔහු පවසයි.

ආර්ථික සංහාරය

මෙයට දෙතුන් මසකට පෙර සෙනසුරු මාරුවක්‌ සිදු වී යෑයි පුවත්පත්වල පළ වුවද, අපට ලබා ඇති ආර්ථික සෙනසුරා තවමත් මාරු වී නැත. ආණ්‌ඩුව තුළට රිංගාගෙන සිටින කිසියම් ආර්ථික ඝාතකයෙක්‌ හෝ ඝාතකයන් සමූහයක්‌ ආණ්‌ඩුව කෙරෙහි අප්‍රසාදයක්‌ ජනතාව තුළ ඇති කිරීමේ කොන්ත්‍රාත්තුවක්‌ භාරගෙන ක්‍රමානුකූලව සහ කෲර ලෙස ජීවන වියදම නැංවීමේ ව්‍යාපාරයක්‌ අරඹා තිබෙන බව පැහැදිලි ය. 

උපුටා ගැනීම දිවයින කතුවැකියෙන්