Tuesday, March 6, 2012

මහේල ජයවර්දන ඇදපු ගේම 10%න් ශේප්


මහේලට 10% ක දඩයක්
2012 මාර්තු මස 06 19:21:12 | මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි


ශ්‍රීලංකා ක‍්‍රිකට් පිලේ නායක මහේල ජයවර්ධන,  ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව අද (06) පැවැති තරගයේ පන්දු රකිමින් සිටියදී විනිසුරුවන් සමග වාදයක් ඇති කර ගැනීම නිසා ඔහුට තරග මුදලින් 10% ක දඩයක් පැනවීමට තරග තීරක ක‍්‍රිස් බ්‍රෝඞ් මහතා තීරණය කර තිබේ.


ෆර්විස් මහරුෆ් 44 වැනි  ඕවරයේ 5 වැනි පන්දුව පිතිකරුගේ ඉනට ඉහළින් (ෆුල් ටොස් පන්දුව) යැවූ පන්දුවකට ගැසූ හතරේ පහර විනිසුරු හයේ පහරක් ලෙස සටහන් කිරීමෙන් පසුව එය හතරේ පහරක් ලෙස ඩිල්ෂාන් දැන්වීමෙන් පසු නැවත වෙනස් කර නිපන්දුවක් බවට සංඥ කිරීමෙන් පසු මහේල සහ විනිසුරුවන් අතර වාදයක් ඇතිවිය.
මෙය අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ පළමු ශ්‍රේණියේ නීතියක් උල්ලංඝණය කිරීමක් ලෙස තරග තීරකවරයා පවසා ඇති අතර මහේල මෙම සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව පළකර තිබේ.

No comments:

Post a Comment