Thursday, February 23, 2012

සමාජ ජාල වලින් ආණ්ඩු පෙරලීම


සමාජ ජාල වලින් රජයක් පෙරලිය හැකිද? සරලම පිළිතුර නම් ඔව් යන්නයි. ඒ සරලම පිළිතුරට උදාහරණය වර්තමාන ලිබියාව හා  සිරියාවයි. ඇමරිකන් විරෝදී බොහෝ රටවල් සමාජ ජාල තහනමට ලක් කර ඇත්තේද මෙම හේතුව නිසාය. චීනය, ඉරානය, වියට්නාමය, සිරියාව ආදී රටවල් ෆේස්බුක් තහනමට ලක් කිරීම මීට නිදසුන්ය. එහෙත් සිරියාව  සමාජ ජාල තහනමට ලක් කරන විටත් ප්‍රමාද වැඩිය. ඒ වනවිටත් සිරියාවේ තරුණ පිරිස් වල හිත් තුලට විප්ලවකාරී අදහස් ඇතුළු කිරීමට සුක්ෂම ඇමරිකන් සයිබර් කණ්ඩායම් සමත් වී තිබේ. ජාත්‍යන්තරය තුල මෙවන් වටපිටාවක් තිබෙන පසුබිමක ලංකාවේ තත්ත්වය ගැනද මදක් විමසා බලමු.

පසුගියදා ඇමරිකන් තානාපති කාර්යාලයේ අමුතු නාඩගමක් සිද්දවී ඇත. පැට්‍රීෂියා බුටෙන්ස් මහත්මියගේ කතාව මෙසේය. "අපි ලංකාවේ තරුණ පිරිස් වලට අපේ වෙබ් අඩවිය විවර්ත තැනක කරනවා. ලංකාවේ ඕනෑම කෙනෙක්ට අපේ වෙබ් අඩවියට ඇවිත් තොරතුරු දෙන්න පුළුවන්" මෙහිදී වඩාත් හාස්‍යජනක කරුණ වන්නේ ලංකාවේ පුද්ගලයෙක් මෙම වෙබ් අඩවියට යන්නේ තමන්ගේ ජීව දත්ත බෙදාගැනීමටවත්,
පැට්‍රීෂියා නෝනගේ ආදර කතාවන් ගැන අසා දැනගැනිමටවත් නොවන බව දැන දැනත් මෙවැනි ප්‍රකාශයක් කිරීමයි. මෙම වෙබ් අඩවියට යන ඕනෑම තැනැත්තකු කරන්නේ ධනවාදීන්ට කඩේ යන එක නොවේද ? ලංකාව ගැන ගතු කීම නොවේද? පැට්‍රීෂියා මහත්මිය පවසන ආකාරයට මෙහි අරමුණ ලංකාවේ විවිධ කණ්ඩායම් වලින් අදහස් ලබාගැනීමයි. එහෙත් මේ ගැන වඩාත් හොදින් සිතා බලන්නෙකුට මෙහි ඇති භයානක තත්ත්වය තේරුම ගැනීමට එතරම් අපහසු නොවනු ඇත.



"The U.S. Embassy launched the first installment of its new interactive program “Inside the Embassy” to engage with the people of Sri Lanka and Maldives.  Every month the U.S. will allow visitors to its Facebook page access to a different section of the U.S. Mission and in January U.S. Ambassador to Sri Lanka and Maldives Patricia Butenis fielded questions submitted online." ඉහත දක්වා ඇති කොටස තානාපති කාර්යාලයේ වෙබ් අඩවියෙන් ගත්ත කොටසක්. දැන් මාලදිවයිනට උද්ගත වී ඇති  තත්ත්වය ඔබ හැමෝම දැනටමත් දන්නවා ඇති. ශ්‍රී ලංකාවටත් එහෙම වෙනවට අපි කවුරුත් අකමැති උනාට එකට මාන බලන අය ඕන තරම් ඉන්නවා කියල තේරෙනවා නේද?

ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වන ෆේස්බුක් සමාජ ජාලයේ පිටු අතරින් එක රසික පිටුවක් ගැන සඳහන් කරමින්ම මෙම ලිපිය අවසන් කරන්නම්. ඒ ඊලාම් බෝයිස්‌ නමින් හදුන්වා ගන්නා එකකි. වගකිවයුතු ශ්‍රී ලාංකිකයකු වශයෙන් මෙම පිටුව හා මෙවැනි අනෙකුත් පිටු රිපෝට් කරන්න


මෙම පිටුව රිපෝර්ට් කරන්න

බුටෙන්ස් නෝනගේ ඔය කියපු රසික පිටුවට මෙතනින් පිවිසෙන්න


No comments:

Post a Comment