Sunday, February 5, 2012

Learn English Digitally

අද ලෝකේ වැඩි දෙනෙක් භාවිතා කරන ජාත්‍යන්තර භාෂාව වෙලා තියෙන්නේ ඉංග්‍රීසි.එක ඉතින් හැමෝම දන්නා දෙයක්නේ.අද ලංකාවේ හුගක් අයට තියන ප්‍රශ්නයක් තම ඉංග්‍රීසි නොදන්නා කම.කොටින්ම කියනවනම් අද ලංකාවේ සමහර දේශපලකයෝවත් ඉංග්‍රීසි දන්නේ නැහැ.අනාගතයේදී කාර්යාල කාර්ය සහයක රැකියාවට පවා අපිට ඉංග්‍රීසි නැතුවම බැරි වෙනවා.ඒ වගේම තමා පරිගණක දැනුම අද බොහෝ දෙනෙක්ට පරිගණක දැනුම තිබුනත් හුගක් අයට යන්තම් පරිගණකය හා අන්තර්ජාලය තේරුම් ගන්න විතරක් යන්තම් ඉංග්‍රීසි පුළුවන්. ඉතින් මේ වගේ අයට අන්තර්ජාලය හා පරිගණකය බාවිතා කරන ගමන්ම තමන්ගේ ඉංග්‍රීසි දැනුමත් වැඩිදියුණු කරගන්න පුළුවන් ක්‍රම කීපයක් තමා මේ ලිපියෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ ඉතාම සරල ක්‍රම කීපයක් තමා තියෙන්නේ


මේ කියන්න යන්නේ පරිගණකය හා අන්තර්ජාලය භාවිතා කරමින් ඉංග්‍රීසි ඉගනගන්න යන ඕනෑම කෙනෙක්ට ඕන වෙන මෘදුකාංග කීපයක් ගැනයි

1.MADURA DICTIONARY
මේක නම් ඉතින් නොදන්නා කෙනෙක් නැතුව ඇති.මදුර ඩික්ශනේරිය කියන්නේ ලංකාවේ නිල ඩිජිටල් ඩික් 1 කියල හැමෝම දන්නවනේ මේ මෘදුකාංගය භාවිතා කරලා අපිට පුළුවන් දහස් ගණනක සිංහල වචන වල ඉංග්‍රීසි තේරුමත් ,ඉංග්‍රීසි වචන වල සිංහල තේරුමත් ලේසියෙන්ම හොයාගන්න..මේ සොෆ්ට්වෙයා එක දැනටමත් ඔයාල ගාව නැත්තම් පහල තියන ලින්ක් ඒකෙන බාගත කරගන්න




මදුර ගන්න


2.CAMBRIDGE ENGLISH PRONUNCIATION  DICTIONARY
මේක නම් ගොඩක් දෙනෙක් වැඩිය දන්නේ නැති සොෆ්ට්වෙයා 1ක්.හැබැයි ඉංග්‍රීසි කතා කරන්න බලාපොරොත්තු වෙන ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට මේක ඕනෑම කරන සොෆ්ට්වෙයා 1ක්.ඕනෑම ඉංග්‍රීසි වචනයක් නිවැරදිව උච්චාරණය කරන ආකාරය මේ සොෆ්ට්වෙයා ඒකෙන් බලාගන්න පුළුවන්.බලාගන්න නෙමෙයි අහගන්නම පුළුවන් ,ඒ විතරක් නෙමෙයි මයික් 1 පාවිච්චි කරලා ඔබටම උච්චාරණය කරලා බලන්න පුළුවන් ඒක නිවැරදිද කියලා.අපිට එදිනෙද ජීවිතයේදී හමුවෙන නොයෙක් වචන අපි කියන්නේ කොහොමද කියල දන්නේ නැ.එකට විසඳුම තමා මේ මෘදුකාංගය ඔබේ පරිගණකයේ ස්ථාපිත කරගන්න එක.මේ සොෆ්ට් 1ත් පහත ලින්ක් ඒකෙන් බාගන්න.කොටස් 2ට තියෙන්නේ දෙකම බාගන්න
part1
part2

3.(සුබස ඉඟිය)SUBASA INGIYA/LK TIPS
මේක නම් හරිම සරල නමුත් බලවත් සොෆ්ට් කෑල්ලක්. මේක ෆයර්ෆොක්ස් වෙබ් අතරික්සුව සමග ක්‍රියාත්මක වෙන එකක්.ඇත්තම කියනවනම් මේක ෆයර්ෆොක්ස් ඇඩ්ඔන් 1ක්. මේක දාගත්තම වෙබ් 1 බලද්දි ඒ වෙබ් පිටුවල තියන ඕනෑම ඉංග්‍රීසි වචනයකට  මවුස් පොයින්ටරය යොමු කරාම එකේ සිංහල තේරුම සේරම වැටෙනවා. කිසි කරදරයක් නැ. හරිම ප්‍රයෝජනවත් සොෆ්ට් එකක් ..ඒ වගේම මිට සමාන තව බොහෝ සොෆ්ට් තියනවා පහල ලින්ක් වලින් තමන්ට හරියන එක බාගන්න
download ingiya
Lktips chrome
Lktips firefox

4.OXFORD DICTIONARY
මේක ගැන නම් මම විස්තර කරන්ඩ ඕනැ නැනේ, මොකද මේකේ නම කියපු ගමන ඕන කෙනෙක් දන්නවා. මේක තමා ලෝකේ අංක එකේ ඩික් එක.තමන්ගේ ශබ්දකෝෂය වැඩිදියුණු කරගන්න හිතන ඕනෑම කෙනෙක් පාවිච්චි කරන්න ඕන සොෆ්ට් එකෙක් තමා මේක පහල ලින්ක් වලින් ඔක්ස්පර්ඩ් ඩික් එක හරි කේම්බ්‍රිජ් ඩික් එක හරි බාගන්න

oxford

==========================================================================

go to ENGLISH JUNKYARD






No comments:

Post a Comment