Saturday, January 7, 2012

විශ්ව විද්‍යාලයට බඳවා ගන්නා සිසු ප්‍රතිශතය 30%කින් වැඩි කිරීම අර්බුදයට විසඳුමයි


උසස් පෙළ ප්‍රතිඵල අර්බුදය ගැන ආණ්ඩුවේ සන්ධාන පක්ෂයක් වන විමල් වීරවංශ නායකත්වය දෙන ජාතික නිදහස් පෙරමුණ හොඳ විග්‍රහයක් කර තිබේ.


එහි දේශපාලන මණ්ඩල සභිකයකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විජේනායක පවසන්නේ උසස්‌ පෙළ ප්‍රතිඵල අවුල් කිරීම රාජ්‍ය විශ්වවිsද්‍යාල පද්ධතියට "ගේමක්‌" දීමට හිතාමතාම කළ සැලසුමක්‌ බවත් එමගින් මෙරට තුළ පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමට දැඩි පෙළඹවීමක්‌ සිදු කර ඇති බවයි.


මෙය ඉතා තර්කානුකූල ප්‍රකාශයක් වන අතර එය නිකුත් කර ඇත්තේ ද රජයේ අභ්‍යන්තරය ගැන හොඳ්න් දන්නා පිරිසක් විසිනි.



දැනට රාජ්‍ය සේවයේ නියුතු ඇතැම් අධ්‍යාපන බලධාරීන් විශ්‍රාම යැමෙන් අනතුරුව ඉහළ වැටුප් ලබමින් එම පෞද්ගලික විශ්වවිද්‍යාලයන්හි සේවය කිරීමට සිතා සිටින බවත් වෙනකක්‌ තබා වත්මන් රජයට එක්‌වී සිටින දේශපාලනඥයකුද එම විශ්වවිද්‍යාලයක්‌ ආරම්භ කිරීමට කැමැත්තෙන් පසුවන බවත් විඡේනායක පවසයි. ඔහු අදහස් කරන්නේ මෝහන් ලාල් ග්‍රේරෝ විය යුතු ය. 


ජාතික නිදහස් පෙරමුණ විසින් යෝජනා කරනු ලබන විසඳුම ද ඉතා ප්‍රායෝගික එකකි.


උසස්‌ පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමේදී ජාතියට සිදුවූ වැරැද්දට වන්දි වශයෙන් පැරැණි සහ නව යන විෂය නිර්දේශ දෙක සඳහා 'ඉසෙඩ් ලකුණු' ක්‍රම දෙකක්‌ යටතේ විශ්වවිද්‍යාලවලට බඳවා ගනු ලබන සිසුන් ප්‍රමාණය සියයට 30% කින් මෙවර වැඩිකළ යුතු බව ජාතික නිදහස් පෙරමුණ බල කරයි.


මේ සඳහා මුදල් නැතැයි ආණ්ඩුව පවසන්නට බැරි ය. විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා අත්‍යවශ්‍ය නො වන හමුදා විස්න සපයනු ලබන නායකත්ව පුහුණුව මාස එකහමාරක් දක්වා දික් කිරීමට රජය වෙන් කර ඇති මුදල් මේ සඳහා මූලික වියදම් සඳහා යෙදවිය හැකි ය.


2016 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල හම්බන්තොට පැවැත්වීම සඳහා වියදම් කරන්නට සිටි මුදලින් කුඩා ප්‍රතිශතයක් වුව මේ සඳහා ප්‍රමාණවත් ය.

No comments:

Post a Comment