Showing posts with label උසස් පෙළ. Show all posts
Showing posts with label උසස් පෙළ. Show all posts

Saturday, March 3, 2012

ඉසෙඩ් අගය ගණනය කරන්නේ මෙහෙමයි

අමු ලකුණු සැසඳීම සඳහා විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව යොදා ගැනීමට තීරණය කොට ඇත්තේ සිසුන් එක් එක් විෂයය සඳහා ලබා ගන්නා අමු ‘z’ ලකුණු බවට පරිවර්තනය කිරීම ය. ඒ ක‍්‍රමයේ ශාස්තී‍්‍රය පදනම අවබෝධ කර ගැනීමට නම් සංඛ්‍යාන විද්‍යාවේ මූූලධර්ම ද තරමක් දුරට අවබෝධ කරගත යුතුය. “z” ලකුණ යනු මධ්‍යයනය ශුන්‍ය වන සහ සම්මත අපගමනය 01 ට සමාන වන සම්මත ලකුණකි. අමු ලකුණු “z” ලකුණු බවට පෙරැළීම සඳහා සංඛ්‍යාන විද්‍යාව මඟින් පහත දැක්වෙන සමීකරණය යොදා ගනු ලැබේ. z ලකුණ =සිසුවා විෂයයකට ලබාගත් අමු ලකුණු  - විෂය ලකුණු ව්‍යාප්තියේ මධ්‍යන්‍යය කිසියම් විෂයයක් සඳහා ශිෂ්‍යයකු ලබා ගන්නා අමු ලකුණෙන් එම විෂයේ ලකුණු ව්‍යාප්තියේ මධ්‍යයනය අඩු කර ලැබෙන අගය එම ලකුණු ව්‍යාප්තියේ සම්මත අපගමනයෙන් බෙදූ විට “z” ලකුණ ලැබේ.අමු ලකුණුවල එකතුව භාවිත කිරීම ශී‍්‍ර ලංකාවේ වසර ගණනාවක් තිස්සේ භාවිත වුවත් අධ්‍යාපනය දියුණු රටවල විශ්ව විද්‍යාලවලට සිසුන් තෝරා ගැනීමේ දී එම ක‍්‍රමය බහුලව යොදා ගන්නේ නැත. එක් එක් විෂයයේ අමු ලකුණුවල එකතුව අනුව විශ්ව විද්‍යාලවලට සිසුන් තේරීමේ දී සමහර විෂයයන් හදාරණ සිසුන්ට අනිසි වාසි ලැබෙන බව නොයෙක් පර්යේෂණාත්මක අධ්‍යයනවලින් තහවුරු වී ඇත. එසේ වීමට හේතුව