Tuesday, January 10, 2012

TOP 10 REASONS TO VISIT SRI LANKA........................ශ්‍රී ලංකාවේ සංචාරය කලයුත්තේ ඇයි

people


adventure


super markets


Saturday, January 7, 2012

විශ්ව විද්‍යාලයට බඳවා ගන්නා සිසු ප්‍රතිශතය 30%කින් වැඩි කිරීම අර්බුදයට විසඳුමයි


උසස් පෙළ ප්‍රතිඵල අර්බුදය ගැන ආණ්ඩුවේ සන්ධාන පක්ෂයක් වන විමල් වීරවංශ නායකත්වය දෙන ජාතික නිදහස් පෙරමුණ හොඳ විග්‍රහයක් කර තිබේ.


එහි දේශපාලන මණ්ඩල සභිකයකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විජේනායක පවසන්නේ උසස්‌ පෙළ ප්‍රතිඵල අවුල් කිරීම රාජ්‍ය විශ්වවිsද්‍යාල පද්ධතියට "ගේමක්‌" දීමට හිතාමතාම කළ සැලසුමක්‌ බවත් එමගින් මෙරට තුළ පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමට දැඩි පෙළඹවීමක්‌ සිදු කර ඇති බවයි.


මෙය ඉතා තර්කානුකූල ප්‍රකාශයක් වන අතර එය නිකුත් කර ඇත්තේ ද රජයේ අභ්‍යන්තරය ගැන හොඳ්න් දන්නා පිරිසක් විසිනි.

Monday, January 2, 2012

අලුත් පනතින් හොර උපාධි කඩ වහනවා











අලුත් පනතින් හොර උපාධි කඩ වහනවා

එස්. බී. දිසානායක
උසස් අධ්‍යාපන අමාත්‍ය
සරසවි සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ දී සැලකිල්ලට ගැනෙන්නේ විභාග අපේක්‍ෂකයන්ගේ දිස්ත්‍රික් හෝ ජාතික කුසලතාවය නොව ‘Z අගය’ බව සඳහන් කරන උසස් අධ්‍යාපන ඇමතිවරයා, දිස්ත්‍රික්ක කුසලතාවය දෝෂ සහිත ලෙස සටහන් වීම අන්තර් ජාලයේ දැක්වූ ප්‍රතිඵල ලේඛනයේ ඇතිවූ තාක්‍ෂණික දෝෂයක් පමණක් බවත් විභාග දෙපාර්තමේන්තුව නිකුත්කළ මුද්‍රිත ප්‍රතිඵල ලේඛන වල ප්‍රතිඵල නිවැරදිව සටහන් ඇති බව මෙලෙස ස්ථිර කොට ප්‍රකාශ කර සිටියේ ය.

* මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සමහරකගේ ප්‍රතිඵල ලේඛනවල දිස්ත්‍රික්ක හා ජාතික පදනම ගැටලු සහගත ලෙස සඳහන් වීම විභාග ක්‍රමය ගැන මෙන්ම විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලාභීන් තෝරා ගැනීමේ පදනම ගැනත් අවිශ්වාසයක් ඇති කිරීමට හේතු වී තිබෙනවා නේද?
එහෙම සැකයක් ඇති කර ගන්න හේතුවක් නැහැ. තාක්‍ෂණික දෝෂයක් නිසා අන්තර් ජාලයේ ප්‍රතිඵල සමහරක ජාතික හා දිස්ත්‍රික්ක පදනම දෝෂ සහිත ලෙස සඳහන් වෙලා තිබුණා තමයි. නමුත් විශ්වවිද්‍යාලයට සිසුන් තෝරා ගැනීමේ දී ජාතික හෝ දිස්ත්‍රික්ක කුසලතාවය ගැන අවධානය යොමු කරන්නේ නැහැ. ඒ සඳහා බලපාන්නේ Z අගයයි.
පාසල් වලට නිකුත් කළ මුද්‍රිත ප්‍රතිඵල ලේඛනවල දිස්ත්‍රික් හා ජාතික කුසලතාවය නිවැරදිව සටහන්ව තිබෙනවා. අන්තර්ජාල ප්‍රතිඵලවලත් දිස්ත්‍රික් හා ජාතික කුසලතාවය කෙටි කාලයක් ඇතුළත නිවැරදි කළා. ඒ නිසා මේ ප්‍රතිඵල සියයට සියයක්ම නිවැරදියි.

* විශ්වවිද්‍යාල සඳහා සිසුන් තෝරා ගැනීමේ දී ‘ Z අගය’ මත පදනම් කරගත් ක්‍රමයක් ඇති කිරීමට බලපෑ හේතුව කුමක් ද? පෙර පැවති ලකුණු මට්ටම මත ප්‍රවේශය තීරණය කිරීම මෙයට වඩා සරල නැද්ද?
‘Z අගය’ මත විශ්වවිද්‍යාල සඳහා සිසුන් තෝරා ගැනීමට පටන් ගත්තේ 2001 වසරේ සිට. එවැනි ක්‍රමයක අවශ්‍යතාවය කාලයක සිට විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන් හා බුද්්ධිමතුන් මතු කළා. ඒකට හේතු ගණනාවක් තිබෙනවා.